Pages

Sunday, August 12, 2018


මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ....
අනංග දෙවොලේ...දල්වා දීපාවලී
මධු චන්ද්‍රයාමේ මෝදු වේ.......
මධු චන්ද්‍රයාමේ මෝදු වේ.......

වරල සිකිපිල් සෙමෙර සලමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
පුර මඬල සියපත් වතින් නිති සරසා
ප්‍රියයාන හදවත තුනු සිරින් සදනු

දෙතොල මීවිත..අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරියහන සුපහස තනා පුළුලුකුලේ
පතිකුලය සුමිහිර සදා රැක වසනු ......

No comments:

Post a Comment